ශ්‍රී ලංකාවට එරෙහි චෝදනාවන්ට සාක්ෂි දීමට කරුණා සැරසේ

Spread the love

නැගෙනහිර එල්.ටි.ටි.ඊ. විශේෂ හමුදා නායකයාව සිටි රමේෂ්ගේ බිරිය වන වත්සලා දේවි මත්මිය විසින් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ මේජර් ජනරාල් ජගත් ඩයස්‌ට එරෙහිව පවරා ඇති සියලුම නඩු සම්බන්ධයෙන් තමා සත්‍ය තොරතුරු ජාත්‍යන්තර ප්‍රජාවට හෙළි කරන බව අමාත්‍ය විනයාමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කර ඇති සාවද්‍ය යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඕනෑම ජාත්‍යන්තර අධිකරණයක්‌ වෙත ගොස්‌ සාක්‌ෂිදීමට තමා සූදානම් යෑයි ද හෙතෙම පවසයි.

“දිවයින” පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එම සියලු නඩු පිටුපස සිටින්නේ ප්‍රභාකරන්ගේ නීතිඥයා වූ රුද්‍ර කුමාරන් යෑයිද තවදුරටත් ඔහු පවසා ඇත.

එල්.ටි.ටි.ඊ. ජාත්‍යන්තර ජාලය සතුව අති විශාල මුදල් සම්බාරයක්‌ ස්‌විස්‌ බැංකු කිහිපයක තිබෙන බවට තමාට සාක්‌ෂි සහිතව සනාථ කිරීමට හැකි බවද කරුණා අම්මාන් මේ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

RSL

Related Posts