වියට්නාම් ජනාධිපති ශ්‍රී ලංකා සංචාරයක

Spread the love

ඊයේ (13 ඔක්.) ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රෝන්ග් ටැන් සැන්ග් (Truong Tan Sang) මැතිතුමාව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ දී මහත් හරසරින් මීට සුළුවේලාවකට පෙර පිළිගන්නා ලදී.

තෙදින නිල සංචාරයකට මෙරටට පැමිණි වියට්නාම් ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ආර්යා මේ තායි හන් (Mai Thi Hanh), උප අගමැති, වියට්නාම් විදේශ ඇමති හා වෙළෙඳ ව්‍යාපාරිකයින් 60 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක් එක් ව සිටිති.

දෙරට අතර වෙළෙඳ ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම සඳහා සිදු කෙරෙන මෙම සංචාරයේ දී වියට්නාම් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, කතානායක චමල් රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ද සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇත.

ලබන 15 වැනි දා කොළඹ දී වියට්නාම් තානාපති කාර්යාලයක්, වියට්නාම් ජනාධිපති හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරෙන අතර දෙරටට ම වැදගත් වන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.

RSL

Related Posts