විදුලි බල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, හිඟ වැටුප් ඉල්ලා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය හා ඉංජිනේරු හා වෙනත් වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් අතර සාකච්ඡුාවක් පවත්වා තිබේ. එහිදී ලබන වසරේ ජනවාරි මාසයේ වැටුපට එකතු කොට හිඟ වැටුප් ගෙවීමට පාලන අධිකාරිය එකඟත්වය පළ කර තිබේ. විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතගේ උපදෙස් මත විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
හිඟ වැටුප් සම්බන්ධ මෙම තීන්දුව චම්පික රණවක අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Loading...