පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා පදනමක් නොමැති බව කැබිනට් ප‍්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
ඊයේ (03 නොවැ.) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ජනතාවගේ යහපත සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.
විවිධ වංචා දූෂණ සහිත, අකාර්යක්ෂම, විවිධ ගැටලූ පවතින, ජනතා හිතවාදී නොවන ලෙස අසාර්ථක පාලනයක් පවතින ව්‍යාපාර මෙසේ පවරා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉතා අසාර්ථක ව පෙර පැවති ඇතැම් ආයතන රජයට පවරා ගැනීමෙන් අනතුරුව ඒවා සාර්ථක තත්ත්වයට පත් ව ඇති බව ඒ මහතා කීය.
Loading...