දෙමළ ජනතාවට පීඩාවට ලක්කොට ඔවුන් කොළණිවලට කොටු කිරීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු කරන බවට ඉන්දියාවේ එම්.ඞී.එම්.කේ. පක්‍ෂ නායක වී ගෝපාලස්වාමි හෙවත් වයිකෝ චෝදනා කරයි.
ඒ.එන්.අයි. පුවත් සේවය වාර්තා කරන්නේ ලංකා රජය වර්ගවාදී බවත්, දෙමළ ජනයා සමූල ඝාතනය කළ බවත් ඔහු මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇති බවයි.
ඒ නිසා, ශී‍්‍ර ලංකා රජය හා ඊට සහාය දක්වමින් දෙමළ ජනතාව පාවාදුන් ඉන්දීය රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඉදිරියට ගෙන යා යුතු බව වයිකෝ පවසා ඇත.
- Tuesday
- September 10th, 2024