ලියම් ෆොක්ස්ට එරෙහිව එල්ල වන බලපෑම් තවත් දැඩි වෙයි

Spread the love

තම සමීප මිතුරෙකු වන ඇඩම් වෙරිටි සමඟ රාජකාරිමය වශයෙන් සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ලියම් ෆොක්ස්ට එරෙහිව එල්ල වන බලපෑම් තවත් දැඩි වෙයි.

බීබීසීය වාර්තා කර සිටින්නේ ඔවුන් දෙදෙනා පසුගිය වසරේ ලන්ඩන්හි හෝටලයකදී ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ සිදුකළ හමුවක් ද ඊට හේතු වී ඇති බවයි.

වෙරිටි මහතා බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති වුවද, ආරක්‍ෂක ලේකම්වරයාගේ රාජකාරිමය හමුවීම සඳහා එක්වීම පිළිබඳව එම අමාත්‍යංශය විමර්ශණයක් පවත්වා තිබේ.

එහි මූලික ප‍්‍රතිඵල අඩ (10 ඔක්.) අගමැති ඬේවිඞ් කැමරන්ගේ නිරීක්‍ෂණයට ලක්වනු ඇත.

RSL

Related Posts