කුජිත වූ රනිල්ගේ බලලෝභය හේතුවෙන් පාලිත රංගේ බණ්ඩාර එජාපයෙන් ඉවත්වෙයි..(Exclusive)

Spread the love

මැතිවරණ 30කින් පරාජය වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව එජාපය තුලින් නිර්මාණය වූ සටන මේ වනවිටත් ඉතා දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක පුත්තලම දිස්ත්‍රික්කයේ තනි අලියා ලෙස විරුධාවලිය ලත් පාලිත රංගේ බණ්ඩාර රනිල්ගේ ජාතිය අමතමින් ලිපියක් ලියමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව දන්වා ඇතැයි විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් අපට වාර්තා වේ. මෙම ලිපිය එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් වන කබීර් හෂීම් වෙත බාරදී ඇතැයිද අපට වාර්තා වේ.

උපතින්ම අසාර්ථක පුද්ගලයෙකු වන රනිල්ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පාක්ෂිකය දිනෙන් දින අසරණ වූ අතර වසර ගණනාවකට පසුව බලය ලැබුණු පසු තම රාජකීය මිතුරන්ගේ පාරාදීසයක් බවට එජාපය පත්වීමෙන් එජාප පාක්ෂිකයා කබලෙන් ලිපට වැටි ඇති බවත් ගමේ එජාප පාක්ෂිකය අමතක කල රනිල් වහාම එජාපයේ නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔහු තම ලිපියෙන් සදහන් කර ඇත. බැදුම්කර හොරුන්ගේ පාරාදිසයක් බවට පත්ව ඇති එජාපය හොරුන්ගෙන් මුදාගැනීමේ මෙහෙයුම මේ මොහොතේ ආරම්භ නොකළහොත් එය එජාපය ඉදිරි මැතිවරණ වලදී ලබන දැවැන්ත පරාජයන් වල මුලික හේතුව බවට පත්වනු ඇති බවද රංගේ බණ්ඩාර තම ලිපියෙන් දන්වා ඇත.

තවදුරටත් පක්ෂය වනසමින් සිටින රනිල්ගේ ඒකාධිපතිවාදී නායකත්වයෙන් දිනෙන් දින බැටකන පාක්ෂිකයා වෙනුවෙන් සටන් වැදී තමන් හට එජාපයෙන් හිමිවුයේ කැපිල්ල පමණක් බවත් ඒ නිසා ඇතිවූ කලකිරීම මත තමන් අද දින සිට පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කල බව පාලිත රංගේ බණ්ඩාර සිය ලිපිය මගින් අගමැති රනිල්ට දන්වා ඇත.

Related Posts