ඉන්දියාව හා ශී‍්‍ර ලංකාවේ අනාගතය යන මැයෙන් ශී‍්‍ර ලංකා-ඉන්දියා සංගමය සංවිධානය කළ සාකච්ඡාවකදී ඉන්දියාවේ ‘දි හින්දු’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ එන් රාම් මහතා පවසා සිටින්නේ ශී‍්‍ර ලංකාවේ පවතින ජනවාර්ගික ගැටළුවට වන විසඳුම දේශීයව හෝ විදේශීයව හෝ සොයාගන්නේද යන්න ගැටළුවක් නොවන බවත්, එය ඒකීය රටක් තුළ රටේ භෞමික අඛණ්ඩතාව රකින අතරතුර දෙමළ භාෂාව කථාකරන ජනතාවගේ සාධාරණ අභිලාෂයන් මුදුන්පත් කරන එකක් වියයුතු බවත්ය.
මෙම සාකච්ඡාව පසුගිය දා (25 සැප්.) කොළඹදී පැවැත්විණි.
මීයන් අල්ලන්ගේ නම් බළලා සුදු හෝ කළු හෝ වුවත් කම් නැතැයි යන චීනයේ හිටපු නායකයෙකු වන ඩෙන් සියාවෝපිංගේ ප‍්‍රකට කියමන මෙහිදී ඔහු සිහිපත් කොට සිටියේය.
සිංහල පක්‍ෂ අතර දේශපාලන ඒකමතිකත්වයකට අවස්ථාව උදාව ඇතැයි පැවසූ ‘දි හින්දු’ ප‍්‍රධාන කර්තෘවරයා, පසුගියදා පැවති පළාත් පාලන ඡන්දයෙන් පසුව දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ පෙළේ බලවේගයක් බවට පත්ව ඇතැයි කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය මහකොමසාරිස් අශෝක් කේ කාන්ත කියා සිටියේ, දේශපාලන විසඳුමක් හා ජාතික සංහිඳියාව වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ නායකත්වය කටයුතු කරනු ඇතැයි තම රට බලාපොරොත්තු තබා ඇති බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ ශක්තිමත්, එක්සත් හා සමෘද්ධිමත් ශී‍්‍ර ලංකාවක් බිහිවීම ඉන්දියාවේ අභිලාෂය බවයි.
ලාංකීය දමිළ ජනතාවට විසඳුමක් අවශ්‍යයි – එන්. රාම්
Loading...