ලබන වසරේ ඉතාලි රැකියා අවස්ථාවන් 50,000 ක්

Spread the love

ලබන වසරේ සිට වාර්ෂිකව ඉතාලියේ රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකට අවස්ථාව උදාවන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ, ශ්‍රි ලංකා රජය සහ ඉතාලි රජය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව මෙම රැකියා අවස්ථා හිමිවනු ඇති බවයි.

ඒ අනුව ලබන වසරේ රැකියා අවස්ථා 3,000 – 50,000 අතර සංඛ්‍යාවක් ලබාදිමට ඉතාලි රජය එකඟතාව පළ කර තිබේ.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා වූ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඉතාලි තනාපති කාර්යාලය තුළ නොබෝ දිනකින් ආරම්භ කරන බවයි.

Loading...

RSL

Related Posts