ලංගම හරහා ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීමට නිර්දේශ

Spread the love

ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (05) කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ විසින් මේ බව පෙන්වාදී තිබෙනවා.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට ඉන්ධන, විදුලිය, ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු සේවාවන් අඛණ්ඩව සැපයීමේ දිගුකාලීන හා කෙටිකාලීන වැඩපිළිවෙලවල් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබුණා.

RSL

Related Posts