‘ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න පණ පිටින් වැළලෙන්න ඉඩ දෙන්න‘

Spread the love

අඩි හයක  ගැඹුර ඇති  වළක් ඇතුලට බැස උඩින් පස් වසා ඒ මත ගින්දර දල්වමින් පැය 6ක කාලයක් වළ තුළ නිදාගෙන ප්‍රකෘති සිහියෙන් නැවත ගොඩ ඒමේ ලෝක වාර්තාවක් තැබීම සඳහා මාතලේ තරුණයෙකු සූදානමින් සිටී.

ලොව කිසිම කෙනෙකු මෙම  ක්‍රියාවලිය සිදු කර නොමැති බවත් එම  ක්‍රියාවලිය තමන් සිදු කරන්නට උත්සාහ කරන්නේ මුළු ලෝකයේම අවධානය  තම මව් රට වෙත යොමු කරවා ගැනීම සඳහා බව හෙතෙම කියයි.

මාතලේ ගොන්ගාවිල පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහොමදු  මශ්හුන්  මුසාදික් නැමති මෙම තරුණයා මෙම බිහිසුණු ලෝක වාර්තාව තැබීම් සඳහා සූදානමින් සිටි.

මේ වන විටත් අවස්ථා ගණනාවක් මෙම තරුණයා මිතුරන් කිහිප දෙනෙකු එක්ව මෙම බිහිසුණු  ක්‍රියාවලිය පුරුදු පුහුණු වී සිටීම  විශේෂත්වයකි.

මුළු ලෝකයේම  අවධානය මෙරටට යොමු කරවීම මෙන්ම ශ්‍රී  ලාංකීය ජනතාව ඕනෑම දේකට දක්ෂ පිරිසක් බව හුවාදැක්වීම ලොවට කියා පෑම කුඩා කාලයේ සිටම තමන්ගේ අරමුණ වී තිබුණු බවත් මෙම අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම් සකසා දෙන්නැයි තමන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

ලෝක වාර්තාව තැබීම සඳහා අවස්ථා ගණනාවක් පුරුදු පුහුණු වූ  ඒ  මහතා මීට දින කීපයකට ඉහතදී මාතලේ ප්‍රදේශයේ දී තම මිතුරන් කීප දෙනෙකුගේ සහාය ඇතිව කැමරා කිහිපයක් උපයෝගී කරගෙන අඩි හයක වළක් කපා ඒ මත නිදාගෙන උඩින් පස් වසා භූමිතෙල් සහ දර යොදාගෙන ගිනි තබා පැය දෙකක වැඩි කාලයක් ඒ තුළ රැඳී සිටි බවත් ඒම සියලු සිද්ධීන් කැමරා කිහිපයක් යොදාගෙන එළියේ සහ වළ ඇතුලේ රූගත කිරීම් සිදුකර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

මහ පොළොව යට පස් වසා නිදාගෙන සිටින ලෝක වාර්තාවක් මීට පෙර පකිස්ථානු ජාතිකයෙකු විනාඩි විසි එකක  කාලයක් සිට  ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙන බවත් ඔහු උඩින් ගින්දර දමා නොතිබූ බවද එම වාර්තාව අභිබවා තමන් මේ වන විටත් පැය දෙකයි විනාඩි 14ක කාලයක් අත් අත්හදා බලා ඇතැයි සඳහන් කළේය.

තමන් පැය දෙකක් එසේ වළ තුළ සිටිය ද තමන්ට පැය 6ක කාලයක් ඒ හා සමානව ගත කිරීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කර සිටියේය.

මෙම බිහිසුණු ලෝක වාර්තාවක් තැබීම සඳහා පුරුදු පුහුණු ව සිටින මොහොමඩ් මුසාදික්  අප සමග මෙසේ පැවසීය.

“මම උපන්නේ මාතලේ. ගොන්ගවෙල පාර තමයි පදිංචි වෙලා ඉන්නේ. මාතලේ සහිරා  විදුහලේ ඉගෙන ගත්තෙ. මම හොකී ක්‍රීඩාවට වගේම ධාවන ක්‍රීඩාවටත් කරලා තියෙනවා. හොකි වලින් ජාතික කණ්ඩායමේ සෙල්ලම් කරලා තියෙනවා.  ක්‍රිඩාව ගැන  පුංචි කාලේ ඉඳලම මගේ ලොකු විශ්වාසයක් තිබුණේ.”

” මම දැන්ට ව්‍යාපාරිකයෙක් හැටියටයි කටයුතු කරන්නේ. ලංකාවේ වගේම  ඩුබායි වල මගේම කියලා ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඩුබායි වල ආයෝජකයෙක් හැටියටයි මම කටයුතු කරන්නේ. කේ ඩබ්ලිව් ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකා  කියන නමෙන් ඩුබායි වල තියෙන ආයතනය මගේම තැනක්.

මම විවාහ වෙලා ඉන්නේ. ළමයි හතර දෙනෙක් ඉන්නවා. මගේ අම්මයි තාත්තයි දෙන්නම් මිය ගිහිල්ලා. පුංචි කාලේ ගොඩක් දුක් වින්දා. ඒ වගේම මම හිත හදාගන්න භාවනා කරන කෙනෙක්. මගේ අරමුණු කරා යන්න මුළු ලෝකයටම දැනෙන්න  විස්මිත වැඩක් කරන්න පුංචි කාලෙ ඉඳලම අරමුණු කර ගත්තා. ඒ නිසාම කාලයක් මම ඉන්දියාවට ගිහිල්ලා හිත  දියුණු කර කරගන්න භාවනා කරන ක්‍රම ඉගෙන ගත්තා. ඉන්දියාවේ නාපුර්  වල තමයි මම හිත  දියුණු කරගන්න භාවනා කරන්න ගියේ.”

මේ මහා පොළොව යට උඩින් ගින්දර දාලා රැඳී ඉන්නේ හිත දියුණු කරගන්න පුළුවන් වීම නිසා කියලයි මං විශ්වාස කරන්නේ. ගොඩක් කට්ටිය මට විහිළුත් තහළු කළා මේවා පිස්සු වැඩ කියලා. හැබැයි මගේ අරමුණ කරා  යන්න මම ඒ ඕනෑම දෙයක් බාධකයක් බිඳ ගෙන හිතේ ශක්තියෙන් යන කෙනෙක්.”

“මුදල් ඕන තරම් හම්බ කරන්න පුළුවන්. රටට කීර්තියක් ගෙනත් දෙන්න උපන් රටට ලෝකෙම අවධානය යොමු කරල දෙන්න පුළුවන් පිරිස ඉන්නේ ඉතා අඩුවෙන්. අන්න ඒ නිසා තමයි මම මේ ලෝක වාර්තාව තියන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මට උදව් කරන්න කියලා වගකිවයුතු බල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට ලෝක වාර්තාව තියන්න ලියකියවිලි බාරදීලා එම ආයතන වල ලියාපදිංචි වෙලා ඉන්නේ.”

මම ව්‍යාපාරිකයෙක් හැටියිට මුදල් හම්බ කරනවා. හැබැයි හම්බ කරන මුදල් මම අපේ රටේ දරුවෝ පන්සියයකට ඉගෙන ගන්න උදව් කරනවා. තවත් දිළිඳු පවුල් රැසකට විශාල උදව් උපකාර කරනවා. ඒක තමයි මගේ ලොකුම සතුට. මම මේ ලෝක වාර්තාව තියලා මුළු ලෝකෙන්ම ඉල්ලා සිටින්නේ අපි වගේ දක්ෂයන්ට ලෝකයේ තැන්ක් දෙන්න කියලා. ඒ වගේම ලෝකයේ ඉහලටළට යන්න බැරි ඕනෑ තරම් දුවා දරුවන් ඉන්නවා. ඒ දුවා දරුවන්ට මේ ලෝකයේ ගමන් කරන්න පුළුවන් තැනක් දෙන්න. ඒ අයගේ දක්ෂතා හැමදාම හිර කරලා තියන්න එපා කියලා මේ ඉල්ලීම කරන්න තමයි මම ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මම  ක්‍රිඩා ඇමතිතුමාගෙන් ජනාධිපතිතුමාගෙන් සහ මේ රටේ විදේශ කටයුතු ඇමති තුමාගෙන් ඇතුළු ලෝක වාර්තා කමිටු වලින් ඉල්ලා සිටින්නේ මගේ රට වෙනුවෙන් ලෝක වර්තාව කියන්න මට අවශ්‍ය වටපිටාව සකසලා දෙන්න කියලා.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts