රෝගීන් බලාපොරොත්තු වන යුතුකම ඉටු කරන්න – ජනපති

Spread the love

ඊයේ (08 නොවැ.) අරලිය ගහ මන්දිරයේ දී හෙද ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවක හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ කුමන තරාතිරමක පසුවන්නෙකු වුවත් රෝගී වීමෙන් අනතුරු ව අසරණභාවයට පත් වන බවත් වෙදකමට වඩා හෙදකම වැදගත් වන බවත්, නොපමා ව රෝගීන් බලාපොරොත්තු වන යුතුකම ඉටු කරන ලෙසත්ය.

හෙද සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමේ එක් පියවරක් වශයෙන් මූලික හෙද පාඨමාලාව මෙම වසරේ සිට ඩිප්ලෝමා තත්ත්වයට උසස් කිරීමට රජය කටයුතු කර තිබේ. ශ‍්‍රී ලංකාවේ විධිමත් හෙද පුහුණුව ආරම්භ වීමෙන් වසර 73කට පසුව ප‍්‍රථම වරට මෙම ඩිප්ලෝමා සහතිකපත් ප‍්‍රදානය සිදු කළ අතර, ඊයේ දිනයේදී සහතිකපත් ලැබූ ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව 1,441 කි.

මෙම පිරිස දිවයින පුරා පිහිටි හෙද විදුහල් 14 කින් සිය අධ්‍යාපන කටයුතු සිදු කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් උත්සව සභාව ඇමතූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, අප කරනු ලැබූ සේවාවන් වෙනුවෙන් වැටුප් ගෙවන්නේ මහජනතාව බවත්, මේ නිසා අපගේ සේවාව උපරිම ව ලබා දී ම අපගේ යුතුකමක් හා වගකීමක් වන බවත් අවධාරණය කළේය.


RSL

Related Posts