රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති යුක්රේනයේ සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික පහසුකම් සහ සේවය කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා “දැඩි අන්‍යෝන්‍ය සංයමයක්” සඳහා වන සිය ඉල්ලීම ඉන්දියාව නැවත වරක් අවධාරණය කර කළේය.

යුක්රේන නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන න්‍යෂ්ටික බලාගාරයට ආසන්න ප්‍රදේශ කිහිපයකට පසුගිය සතිය තුළ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය.මෙය යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ සිදුවිය හැකි “ව්‍යසනයක්” පිලිබඳ අනතුරු ඇඟවීම්ක් ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිර කම්බෝජ් යුක්‍රේනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡාවේදී ඉන්දියාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් ඇය අවධාරණයට ලක් කළේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉන්දියාව ඉහළ වැදගත්කමක් ලබා දෙන බවයි. පසුගිය දිනක ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ කණ්ඩායමක් යුක්‍රේනයේ සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ කණ්ඩායමේ මෑත යූක්‍රේන සංචාරය ඉන්දියාවේ නිත්‍ය නියෝජිතවරිය අගය කළාය. ඇය දුරටත් පැවසූයේ න්‍යෂ්ටික පහසුකම් සම්බන්ධ ඕනෑම අනතුරක් මහජන සෞඛ්‍යයට සහ පරිසරයට දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි.තවද යුක්රේනයේ න්‍යෂ්ටික බල ප්‍රතික්‍රියාකාරක සහ පහසුකම්වල ආරක්ෂාව පිළිබඳ වර්ධනයන් හොඳින් නිරීක්ෂණය කරන බවද ඇය අවධාරණය කළාය.

ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සියේ විසින් එහි ප්‍රඥප්තියට අනුව ඵලදායි සහ කාර්යක්ෂම ලෙස එහි ආරක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාකාරකම් මුදා හැරීමට ඉන්දියාව ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බව ඇය පැවසුවාය.

යුක්රේනයේ තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව තවදුරටත් කනස්සල්ලෙන් පසුවන බව කම්බෝජ් තවදුරටත් කියා සිටියේය.රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්ට සහාය වන බවත් ඇය අවධාරණය කළාය

යුක්රේනයේ සිට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනය විවෘත කිරීම සහ රුසියානු ආහාර සහ පොහොර අපනයනය සඳහා පහසුකම් සැලසීමේ මහලේකම්ගේ කැපවීම ඉන්දියාව යහපත් ප්‍රවණතාවයක් ලෙස දැක්වීය. මෙම ක්‍රියාවේදී රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ හැඩතලය සහ එහි වටිනාකම මතුකර පෙන්වීමට කම්බෝජ් අමතක නොකළාය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිතවරිය මතුකොට දැක්වූයේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය,ජාත්‍යන්තර නීතිය, රාජ්‍යවල භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවයට ගරු කිරීම මත ගෝලීය පිළිවෙල යහපත් ලෙස හැඩගැසී ඇති බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්