රහසිගතව අන්තර්ජාල ඔස්සේ රජයේ තොරතුරු සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Spread the love

රහසිගත ලෙස අන්තර්ජාලයට ඇතුළු වී ජාවා තාක්ෂණික ආයතනයේ සහ රජයේ සංවර්ධන ව්‍යාපෘති තොරතුරු සොරකම් කළ බව කියන සරසවි සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් ඊයේ (27 ඔක්.) අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ සහ මාලබේ පිහිටි තොරතුරු තාක්ෂණික ආයතනයේ සිසුන් දෙදෙනකු එක්වී මෙලෙස තොරතුරු සොරකම් කර ඇතැයි ජාවා තාක්ෂණික ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත සිරිබද්දන මහතා පවසයි.

තම ආයතනයේ පරිගණක තොරතුරු යම් පිරිසක් විසින් සොරකම් කරන බවට ශ්‍රී ලංකා ජාවා තාක්ෂණික ආයතනය මගින් රහස් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළේය.

දිගින් දිගටම අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂණ සිදු කරමින් පසු රහස් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සිසුන් දෙදෙනා අත්අඩංගුව ගෙන ඇත්තේ නුගේගොඩ සහ රදාවාන ප්‍රදේශවල දීය. සැකකාර සිසුන් දෙදෙනා රහස් පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදාහැර තිබේ. රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

RSL

Related Posts