රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ වැඩ වර්ජනය කල් යයි

Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ (06 සැප්.) සවස පැවැති සාකච්ඡාවකින් පසු අද (07 සැප්.) දින පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩ වර්ජනය සතියකින් කල් දැමීමට එම සංගමය තීරණය කර ඇත.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධි පාඨමාලාවන් පැවැත්වීමට යාම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ කළ සාකච්ඡාවකදී කරුණු පහක් මුල් කරගෙන මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම කරුණු මෙසේය.

(1) උපාධි ප්‍රදාන ආයතනයක් වශයෙන් කළ ගැසට් පත්‍රය පිළිගත නොහැකි බව,

(2) සෞඛ්‍ය අමාත්‍යාංශය පංච පුද්ගල කමිටුවක් පත් කර මාලබේ ආයතනය පිළිබඳ වාර්තාවක් නිකුත් කිරීම,

(3) මාලබේ ආයතනයට සිසුන් බඳවා ගැනීම අත්හිටුවිය යුතු බව දැනුම් දීම,

(4) වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ තත්ත්වයන් නීතිගත කිරීම,

(5) සෞඛ්‍ය ලේකම්වරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කරුණු අනාවරණය කිරීම.

RSL

Related Posts