ඒ. ජුලියානා දහනායක නමැති තැනැත්තියක් විසින් ගොනු කොට ඇති පෙත්සමක් සලකා බැලීමෙන් පසු, ඉදිරි දින 14ක කාලය තුලදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීමය කි‍්‍රයාමාර්ගයට එළැඹීමෙන් වළක්වාලන නියෝගයක් කොළඹ දිස්ති‍්‍රක් විනිසුරු එස් වතුපොල අද (03 ඔක්.) නිකුත් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ පෞද්ගලික ලිපිගොනුව අතුරුදහන් වීමේ සිද්ධියක් මත එම සංගමය අද සිට වෘත්තීමය කි‍්‍රයාමාර්ගයක් ගැනීමට යන බව පෙත්සම්කාරිය දක්වා සිටියාය.
එක් වෛද්‍යවරයෙකුගේ පෞද්ගලික ලිපිගොනුවක් සම්බන්ධයෙන් වන කරුණක් මත සියළුම රෝගීන් හිරිහැරයට ලක් නොවිය යුතු බවට ඇය කියා සිටියාය.
පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සීආර් ද සිල්වා ඇතුළු පිරිසක් පෙනී සිටියි.
Loading...