රජයේ නොසැලකිලිමත්කම විශ්වවිද්‍යාල තුළ ගැටලු උග්‍රවීමට හේතුවයි – වෘත්තීය සමිති

Spread the love

රජයේ නොසැලකිලිමත් බව විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලු උග්‍රවීමට හේතු වී ඇති බවත් අදාළ තත්ත්වයන් මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයින් සහ අනධ්‍යන සේවකයින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති පවසයි.
පොරොන්දු වූ පරිදි මෙවර අයවැයෙන් තම ගැටලු විසදීමට බලධාරින් ක්‍රියා නොකළහොත් නැවතත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්ම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය මහීම් මෙන්ඩිස් පැවසීය.
අන්තර් විශ්ව විද්‍යාලයිය වෘත්තීය සමිති මහා සම්මේලනයේ සභාපති ආර්.එම්.චන්ද්‍රපාල මහතා පැවසුවේ අනධ්‍යයන සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය මසක කාලයක් ඉල්ලා ඇති බවයි.


RSL

Related Posts