යුද ගැටුම් හේතුවෙන් නිවාස අහිමි වූ යාපනේ පවුල් 1,790 ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුන්දහසකට ආසන්න මුදලක් වැයකර යුද හමුදාව විසින් නිවාස තනා දී තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මේ නිවාස ඉදිකර ඇත.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ සංකල්පයකට අනුව යාපනය ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේනිවාස යුද හමුදාව විසින් ඉදිකර තිබේ.
මේ සඳහා දානපතියන්ගේ දායකත්වය ද යුද හමුදාවට ලැබී ඇත.
පුනරුත්ථාපනය වූ පවුල්වල සාමාජිකයන්ටද යුද හමුදාව මෙම නිවාස පරිත්‍යාග කර තිබේ.
Loading...