‍‍බ්‍රික්ස් විදේශ අමාත්‍යවරු රුසියාව සහ යුක්රේනය අතර මතභේද සහ ආරවුල් සංවාදය සහ උපදේශන මගින් විසඳා ගන්නා ලෙස ඉල්ලා සිටීයේය. බ්‍රික්ස් විදේශ අමාත්‍යවරු යුක්‍රේනයේ තත්ත්වය සාමකාමීව සමථයකට පත් කිරීමට අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග වලට සහාය දක්වන බවට දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා අමාත්‍ය ආචාර්ය නලෙඩි පැන්ඩෝර්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා නිව් යෝර්ක් හි පැවති බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ සහ එහි ප්‍රධාන ආයතන ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම මෙහිදී යළිත් තහවුරු කරන ලදී.මෙම රැස්වීමේදී බහුපාර්ශ්වික පද්ධතියක අවශ්‍යතාවය බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන් අවධාරණය කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා නිකුත් කළ නිවේදනයකට අනුව ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විස්තීරණ සම්මුතිය කඩිනමින් අවසන් කර සම්මත කර ගන්නා ලෙස බ්‍රික්ස් විදේශ අමාත්‍යවරු අවධාරණය කළහ. ඔවුන් ත්‍රස්තවාදයට සහ අන්තවාදයට එරෙහිව දෙබිඩි පිළිවෙත් ප්‍රතික්ෂේප කළේය.

බ්‍රික්ස් විදේශ අමාත්‍යවරු ආර්ථික, මූල්‍ය සහ තිරසාර සංවර්ධන ක්ෂේත්‍රවල එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන ගෝලීය සහ කලාපීය ගැටලු මෙන්ම, දේශපාලන, ආරක්‍ෂාව හා බ්‍රික්ස් අභ්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳව ද අදහස් හුවමාරු කරගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසූයේ බ්‍රික්ස් විදේශ අමාත්‍යවරු බහුපාර්ශ්වික පද්ධතිය ශක්තිමත් කිරී,එක්සත් ජාතීන්ගේ හා එහි ප්‍රධාන ආයතන ශක්තිමත් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම යලි තහවුරු කළ බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශයට අනුව රෝග කොවිඩ්-19 විනිශ්චය සහ ප්‍රතිකාර ක්‍රම නිෂ්පාදනය සහ සැපයීම ආවරණය කිරීම සඳහා නම්‍යශීලී බවක් ලබා දීම අවශ්‍ය බව ඔවුන් අවධාරණය කළහ.ඒ සඳහා ලෝක වෙළද සංවිධානයේ 12 වන අමාත්‍ය සමුළුවේ බුද්ධිමය දේපල අයිතිවාසිකම්වල වෙළඳාමට අදාළ අංශ සම්බන්ධ ගිවිසුම පිළිබඳ තීරණය බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන් විසින් පිළිගෙන ඇත.

තිරසාර සංවර්ධන ඉලක්ක සමතුලිතව සහ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිරේක මූල්‍යකරණය සහ තාක්‍ෂණික හුවමාරුව සැපයීම සඳහා සංවර්ධිත රටවල කැපවීම් ඉටු කිරීම සහ හදිසි අවශ්‍යතාවයේ වැදගත්කම ඔවුහු අවධාරණය කළහ.

2023 දී බ්‍රික්ස් සභාපතිත්වය සහ XV බ්‍රික්ස් සමුළුව පැවැත්වීම සඳහා බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන් දකුණු අප්‍රිකාවට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දීමට එකඟ විය.

දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩර්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර්, බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍ය කාලෝස් ඇල්බර්ටෝ ෆ්‍රැන්කෝ ෆ්‍රැන්කා, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්, චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යි සහභාගී විය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්