ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සඳුදා කැන්බරාහිදී ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනි වොන්ග් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසූයේ යුක්රේන ගැටුම කිසිවකුගේ අවශ්‍යතා සඳහා සේවය නොකරන බවයි.

13 වැනි විදේශ අමාත්‍යවරුන්ගේ රාමු සංවාදයට ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය සමග සහභාගී වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් යුක්රේන ගැටුම සහ ඒවායේ ප්‍රතිවිපාක පිළිබඳව ද සාකච්ඡා කළහ.

මොස්කව් යුක්‍රේන ප්‍රදේශ ඈඳා ගැනීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවකට ඉන්දියාව සහාය දෙන්නේද යන්න පිළිබඳව අදහස් දැක්වීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ප්‍රතික්ෂේප කළේය.ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජයශංකර්, මේ බව පැවසීය.

යුක්රේන ගැටුම කිසිවකුගේ අවශ්‍යතා ඉටු නොකරන බව සිය විශ්වාසය බවත් එයට පැහැදිලිව විරෝධයපාන බවත් ජයිශංකර් පැවසීය.

මොස්කව් විසින් යුක්රේන කලාප හතරක් ඈඳා ගැනීම හෙළා දකින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ඉන්දියාව සහාය දෙන්නේද යන්න පිළිබඳව ඔහු ප්‍රකාශ කළේ, “විචක්ෂණශීලීභාවය සහ ප්‍රතිපත්තිමය කාරණයක් ලෙස, ඉන්දියාව සිය ඡන්දය කල්තියා පුරෝකථනය නොකරන බවයි.

ඉන්දීය අගමැති මෝදි විසින් රුසියානු ජනපති පුටින් වෙත කළ ප්‍රකාශය වන, මෙය යුද්ධයට කාලය නොවන වග යන්න තමාද පිළිගන්නා බව ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය වොන්ග් ප්‍රකාශ කළේය.

රුසියාවේ නිෂ්පාදිත ආයුධ සඳහා ඉන්දියාව ප්‍රධාන වෙළඳපොලක් වීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් තර්ක කළේ රුසියාව සමඟ ඉන්දියාවේ සම්බන්ධතාවය දෙරටේ අවශ්‍යතා සඳහා හොඳින් සමපාත වන බවයි.

දශක ගණනාවක් තිස්සේ බටහිර රටවල් ඉන්දියාවට ආයුධ ලබා නොදුන් අතර ඉන්දියාව රුසියානු ආයුධ මත දැඩි ලෙස රඳා පැවතීමට එයද එක් හේතුවක් වූයේ යැයි ජයිශංකර් පැවසීය.එමෙන්ම වඩාත් කැමති හවුල්කරුවා ලෙස මිලිටරි ආඥාදායකත්වයක් දුටු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්