යාපනය විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති තවපාලන් මහතා ඊයේ (16 ඔක්.) මැර ප්‍රහාරයකට ලක්ව තිබේ.
ඔහු යාපනය නගරයේ කන්දර්මඩම වීදිය හරහා ගමන් කරමින් සිටියදී ඔහු පසු පස යතුරු පැදි 08කින් හඹා ආ කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. බරපතල ලෙස තුවාල ලබා ඇති ඔහු යාපනය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇත.
වන්නි ප්‍රදේශයේ ජීවත් වූ තවපාලන් පසුගිය වසරේ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන් පත්ව ඇත.
නමුත් යාපනයේ විශ්වවිද්‍යාලයේ පරිපාලනයට බාහිර වශයෙන් එල්ලවී තිබු බලපෑම් හේතුවෙන් ඔහු ශිෂ්‍ය නායකයා වශයෙන් පත්කිරීම ප්‍රමාද වී තිබිණ.
නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විසින් ගෙන ගිය අරගලය නිසා පරිපාලනය විසින් එම පත්වීම පිළිගන්නා බවට පොරොන්දු වුවද මේ වනතුරු එම පොරොන්දුව ඉටු කර නැති බව ද වාර්තා වේ.
පසුගිය කාලයේ දී මතුවූ ‘ග්‍රීස්යකා’ වැනි සිදුවීම්වලට එරෙහිව තවපාලන් මහතා ක්‍රියාකාරීව මැදිහත්වූ පුද්ගලයෙකි.