උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ යෝජනාවකට අනුව, මොරටුව විශ්ව විද්‍යාලීය තාක්ෂණික ආයතනය හෝමාගම දියගම ප්‍රදේශයට රැගෙන යාමට සූදානම් වන බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජයෙන් හා චීන ජාතික ගුවන් තාක්ෂණික ආනයන අපනයන සංස්ථාව (CATIC) මගින් ණය ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
මේ සඳහා ලබාගැනීමට යන ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 89.5 කි. නමුත් එම මුදල ලබා ගන්න පොලි අනුපාතය මෙතෙක් වාර්තාවී නැත.
Loading...