මේ රටේ සෑම පුරවැසියකුගේම ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම මා සතුයි = ජනපති

Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ පළාත් පාලන ආයතන ප්‍රධානීන්, උප ප්‍රධානීන් දිවුරුම් දීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ දී ඊයේ (16 ඔක්.) එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මැති ඇමැතිවරුන්ගේ පමණක් නොව මේ රටේ සෑම පුරවැසියකුගේම ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම තමා සතු බවත් එම වගකීම ඉටු කිරීමට තමා සූදානම් බවත් තමාගෙන් ආරක්ෂාව ඉල්ලූ සෑම අයකුටම තමා ආරක්ෂාව දුන් බවත්ය.

කොපමණ ආරක්ෂාවක් දිය යුතුද යන්න තීරණය කළේ ඒ ඒ පුද්ගලයන්ට ඇති තර්ජන අනුව බව පැවැසූ ජනාධිපතිවරයා එහිදී ආරක්ෂාව ලබන්නා මන්ත්‍රීවරයකු ද නැතිද යන්න සැළකුවේ නැති බව පෙන්වා දුන්නේය.

ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කිරීම අරඹා ඇති බව පැවැසූ ජනාධිපතිවරයා ඒ සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් කීවේය. තමාට බලයට එන්නට උදව් කළ කිසිවකු, බලයට ආපසු දැහැටි දඬු මෙන් ඉවත දමන්නට සූදානම් නැති බවත්, එය සිය ප්‍රතිපත්තිය නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

තමන් සතු බලතල අනිසි ලෙස භාවිතා නොකරන ලෙස මෙහිදී ඉල්ලා සිටි ජනාධිපතිවරයා ජනතාව නිදහසට කරුණු අසන්නට සූදානම් නැති බැවින් වැඩ නොකර ජනතාවට නිදහසට කරුණු කියන්නට නොයන ලෙස කීවේය.


RSL

Related Posts