හම්බන්තොට වරායේ නීරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ පළමු අදියරේ කටයුතු 90%කින් අවසන් බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජල කෝෂයේ කටයුතු සියයට දශම හතරක් නිමවීමට ඇති බවයි.නියෝජ්‍ය අමාත්‍යවරයා වරායට පැමිණි අවස්ථාවේ සිංගප්පූරුවෙන් පැමිණි නෞකාවක්ද එහි නැංගුරම් ලා තිබුණු අතර අමාත්‍යාංශය පැවසුවේ, සේවා සැපයුම් සඳහා යොදා ගන්නා බෝට්ටු දෙකක් මෙම නෞකාවෙන් රැගෙන ආ බවයි.
මෙම අවස්ථවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය අමතිමින් මෙසේ පැවසීය.
“දැන් මේ වරායට නැව් එන්නේ නැහැ කිව්වා. මේ ඇවිල්ලා තියෙන්නේ, ලෝකේ ඕනෑම විශාල වරායකට සේන්දු වෙන්න පුළුවන් නැවක් තමයි මේ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට ඇවිල්ලා තියෙන්නේ, සමහර වෙලාවට මේකත් කියයි නැවක් නෙවෙයි කියලා මේක කෝච්චියක්ද? එහෙම නැත්නම් මේක බක්කි කරත්තයක්ක ද? සමහරු කීවා මේකේ මහා විශාල ගල් තියෙනවා කියලා මේකට නැව් එන්න බැරි ගල් තියෙනවා කියලා කිව්වා. දැන් මේ නැව ඇවිල්ලා තියෙන්නේ ගල් උඩින්ද”