මුරලිගේ තැන ගැනීමට පුනරුත්ථාපනය එල්.ටී.ටී.ඊ. තරුණයකු පුහුණු කෙරේ

Spread the love

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මුත්තයියා මුරලිදරන්ගෙන් හිස් වූ ස්ථානය සඳහා පුනරුත්ථාපන අභ්‍යාසලාභී ක‍්‍රිකට් කණ්ඩායමේ නවක ක‍්‍රීඩකයකු පුහුණු කරන බවත් තවත් තරුණ ක‍්‍රීඩකයන් තිදෙනෙකු පමණ පුහුණුවීම් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයට ඇතුළත් කර ඔවුන් ජාතික තලයට ගෙන ඒමට අවශ්‍ය සියලූ පහසුකම් ලබා දීමට තමා කටයුතු කරන බවත් මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය මහතා පසුගිය දා කියා සිටියේය.

ජයසූරිය මහතා මේ බව පැවසූයේ පසුගියදා මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනයේ දී පුනරුත්ථාපන අභ්‍යාසලාභී කණ්ඩායම සහ අමාත්‍යවරුන්ගේ කණ්ඩායම අතර පැවති සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගයක් අතරතුරදීය.

මෙහිදී පුනරුත්ථාපනය වන හිටපු එල්.ටී.ටී.ඊ. සාමජිකයගේ පිල විසින් ඇමතිවරුන්ගේ පිල පරාජයට පත් කිරීම විශේෂ කරුණක් විය.


RSL

Related Posts