ඉන්දියාව විසින් තාක්ෂණික කණ්ඩායමක් කාබුල්හි ඉන්දීය තානාපති කාර්යාලට යවා ඇත මෙම කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානයේ මානුෂීය ආධාර බෙදා හැරීම සම්බන්ධීකරණය කිරීම කරනු ඇත.

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූමිකම්පාවෙන් දැවැන්ත දේපොළ සහ ජීවිත හානියක් සිදු විය. විපතට පත් ඇෆ්ගනිස්ථාන ජනතාව වෙනුවෙන් මනුෂීය ආධාර රැගෙන ඉන්දීය ගුවන් යානා දෙකක් පියාසර කර තිබේ.

ඉන්දියාවට ඇෆ්ගන් ජනතාව සමඟ ඓතිහාසික හා ශිෂ්ටාචාර සබඳතාවක් පවතින බව තාක්ෂණික කණ්ඩායම යෙදවීම සම්බන්ධයෙන් නිවේදනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මානුෂීය ආධාර ඵලදායී ලෙස ලබා දීම අධීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම සඳහා සහ ඇෆ්ගන් ජනතාව සමඟ කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා, ඉන්දියානු තාක්ෂණික කණ්ඩායමක් අද කාබුල් වෙත ළඟා වී ඇති බවයි.

ඇෆ්ගනිස්ථාන සමාජය සමඟ අපගේ දිගුකාලීන සබඳතා සහ ඇෆ්ගනිස්ථානයේ ජනතාව සඳහා මානුෂීය ආධාර ඇතුළු අපගේ සංවර්ධන හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමට ඉන්දියාව දිගටම මග පෙන්වනු ඇත,” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ඇෆ්ගනිස්ථානයේ ජනතාව සඳහා ගුවන් ගමන් දෙකකින් හදිසි සහන ආධාර ටොන් 27ක් යවා ඇත.මෙය ඉන්දියාව “පළමු සැබෑ ප්‍රතිචාරකයා ලෙස” උපරිම කැපවීම ලෝකයට පෙන්නූ තවත් එක් අවස්ථාවකි.

විදේශීය මාධ්‍ය වාර්තා කරනුයේ ඇෆ්ගනිස්ථානයේ සිදුවූ මාරාන්තික භූමිකම්පාවෙන් ජීවිත 1000කට අධික සංඛ්‍යාවක් අහිමි වී ඇති බවයි.මෙම මෙම ඛේදවාචකය සිදුවූ භූමි ප්‍රදේශය පකිස්තාන දේශසීමාව ආසන්නයේ පක්ටිකා පළාත තුල පිහිටා ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම සහන තොගය එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයට සහ ඇෆ්ගන් රතු කුරුස සංගමය වෙත භාර දෙනු ඇත. රිජ් කූඩාරම්, නිදන බෑග්, බ්ලැන්කට්, නිදන පැදුරු යනාදිය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් මෙම සහනාධාර සමන්විත වේ

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා පැවසූයේ ඇෆ්ගනිස්ථාන ජනතාව සඳහා ක්ෂණික සහන ආධාර සැපයීමට ඉන්දියාව දැඩි ලෙස කැපවී සිටින බවයි.සෑම විටම මෙන් ඉන්දියාව සියවස් ගණනාවක් පැරණි සබඳතා බෙදා ගන්නා ඇෆ්ගනිස්ථානයේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටි.

මීට පෙරද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙහි පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානය භාර සම ලේකම් ජේ.පී සිං ප්‍රමුඛ කණ්ඩායමක් පසුගිය ජුනි 2 වන දින කාබුල් වෙත සංචාරය කළහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, මෙම මානුෂීය ආධාර බෙදා හැරීමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීමට අමතරව තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හමුවී එහි ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්