භූතානයට සිය තිරිඟු සහ සීනි අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියාව විශේෂ වෙළඳ සහන ලබා දෙයි.

Spread the love

භූතානයට සිය අවශ්‍යතා සපුරාලීම සඳහා තිරිඟු සහ සීනි ලබා ගැනීමට ඉඩ සලසන අතිරේක වෙළඳ සහන ලබා දීමට ඉන්දියාව තීරණය කොට ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

භූතානයේ ඉන්දීය තානාපති කාර්යාලය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ භූතානයේ අවශ්‍යතා අනුව තිරිඟු මෙට්‍රික් ටොන් 5000 ක් සහ සීනි මෙට්‍රික් ටොන් 10,000 ක්, සීමාසහිත භූතානයේ ආහාර සංස්ථාවට සහ භූතානයේ අනෙකුත් ප්‍රමුඛ කර්මාන්ත වලට ආනයනය කිරීමට ඉන්දියාව විසින් පහසුකම් සලසා ඇති බවයි.

ගෝලීය වෙළඳපොලේ හදිසි වෙනස්වීම් වලින් පසු ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය මේ වසර මුලදී තිරිඟු සහ සීනි අපනයනය සීමා කර තිබුණි.

භූතානයේ රාජකීය රජයේ ඉල්ලීමට සහ මිත්‍රශීලී සබඳතාවලට අනුව තිරිඟු සහ සීනි ලබාදීමට කටයුතු කළ බව භූතානයේ ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.

භූතානයෙන් අර්තාපල් ආනයනය කිරීමේ තහනම ඉවත් කිරීම, භූතානයෙන් නැවුම් ඉඟුරු ආනයනය කිරීමට ඉඩ දීම, නැනෝ යූරියා/නැනෝ නයිට්‍රජන් පොහොර භූතානයට විශේෂ සහන මිලකට සැපයීම , සහ භූතානයට ගල් අඟුරු සැපයීම වැනි විවිධ වෙළඳ සහන භූතානයට ලබාදී ඇති බව ඉන්දීය තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.

කොවිඩ් -19 වසංගතය සහ ගෝලීය සැපයුම් දාමයේ අභියෝග මධ්‍යයේ පවා, භූතානයට ඉන්දියාව සිය පූර්ණ සහයෝගය ලබා දුන් බව ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.

ඉන්දීය තානාපති කාර්යාලයේ ප්‍රකාශය සඳහන් කළේ,ඉන්දියාව සහ භූතානය අතර වෙළඳ සහ ආර්ථික සබඳතා සහ දශක ගණනාවක් තිස්සේ සමීප මිත්‍ර සබඳතා පවතින බවයි.ගෝලීය සැපයුම් දාමයේ බාධා කිරීම් සහ විවිධ භාණ්ඩවල හිඟයන් පවා නොතකමින්,ඉන්දියාව විසින් භූතානයට මෙම සහාය පළ කිරීමට ඉදිරිපත්ව ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනුයේ ඉන්දීය රජය සහ ජනතාව භූතානයේ රජයේ සහ ජනතාවගේ දිගුකාලීන යහපැවැත්ම සහ සමෘද්ධිය සඳහා දැඩි ලෙස කැපවී සිටින බවයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්

Related Posts