භාරත ලක්ෂ්මන්ට අනිවාර්යෙන්ම අපි කවදා හරි සාධාරණය ඉෂ්ට කරනවා – ජෙනරාල් ෆොන්සේකා

Spread the love

පළමු යුද අධිකරණයේ හමුදා විනිසුරුවන්ට එරෙහිව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම ඩබ්ලිව්.එල්.රංජිත්. සිල්වා සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (17 ඔක්.) යළිත් කැඳවනු ලැබිණි.

අධිකරණයට පැමිණෙන අවස්ථාවේදි මාධ්‍යට අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.

“මේ නිලධාරීන්ට බටා ගෙවන් නෑ ඕවර් ටයිම් ගෙවන් නෑ. හොඳම සිරකරු‍වා තෝරන්න කියලා සල්ලි වියදම් කරලා මේ ගොල්ලන්ට පඩි ගෙවන්න දැන් සල්ලි නෑ. ජයවේවා.”

ජෙනරාල් සරත් ෆොන්සේකා අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමේ සඳහන් වුණේ පළමු යුධ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අපක්ෂපාතී නොවන බවයි.

ඒ සම්බන්ධයෙන් එම විනිසුරුව්න හමුවේ ඉදිරිපත් කළ කරුණු ඔවුන් ප්‍රතික්ෂේප කළ බව ද පෙත්සමේ සඳහන් වේ.

ඔවුන්ගේ තීරණය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා මෙම පෙත්සමෙන් ඉල්ලා සිටීයේය.

අභියාචනාධිකරණය පෙත්සම 2012 ජනවාරි 18වැනි දින යළි කැඳවීමට නියම කළේය.

අධිකරණයේ සිට යළි පැමිණෙන අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙසේ පැවසීය.

“භාරත ලක්ෂ්මන්ගේ බිරිඳට සහ දරුවන්ට ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අසරණවෙලා, අපි හුඟක් කණාගාටු‍ ‍වෙනවා. ඒ ගොල්ලන්ට රජයෙන් සාධරණයක් වෙන්නෙ නැ. දැන් ඝාතකයා අල්ලාගෙන රජය එයා ආරක්ෂා කරනවා. අපි කවදාහරි භාරත ලක්ෂ්මන්ට සාධරණය ඉෂ්ට කරනවාග ජයවේවා. භාරත ලක්ෂ්මන්ට අනිවාර්යෙන්ම අපි කවදා හරි සාධාරණය ඉෂ්ට කරනවා. ජයවේවා”

RSL

Related Posts