බ්ලේක් ද්‍රවිඩ සංවිධානය නියෝජිතයන් හමුවෙයි

Spread the love

මෙරටට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ ඕ බ්ලේක්‌ මහතා අද (12 සැප්.) දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී ප්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර දමිළ ප්‍රජාව මුහුණ දෙන ගැටළු පිළිබඳව සිය දැඩි අවධානය යොමු කර ඇත.

උතුර සහ නැගෙනහිර පළාත්වලට ලබා දෙන දේශපාලන විසඳුම සහ එම පළාත්වල පවතින හමුදාමය බලපෑම්, මානව හිමිකම් කඩවීම සහ රජය සමග පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් රොබට්‌ ඕ බ්ලේක්‌ මහතා ද්‍රවිඩ සන්ධානයේ මතය විමසූ බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි. පැයකට අධික කාලයක්‌ තිස්සේ මෙම සාකච්ඡාවන් සිදුවී ඇතැයි වාර්තා වේ.

කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති මෙම සාකච්ඡාව සඳහා මෙරට ඇමැරිකානු තානාපතිනි පැටි්‍රෂියා බෲටේනිස්‌, ආචාර්ය පෝල් කැටරි සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආර් සම්බන්ධන් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

එම සාකච්ඡාවෙන් පසුව බ්ලේක් මහතා ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා පවත්වා ඇත.

Loading...

RSL

Related Posts