පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ – එස්. බී. දිසානායක

Spread the love

කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට උපාධි පිරිනැමීම සඳහා අවසර ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ නොමැති බවයි.

මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ එම්.බී.බී.එස්‌. උපාධිය දීමට වෛද්‍යවරුන් විරුද්ධ වුවත් එම වෛද්‍යවරුන්ගේ දරුවන් 49 ක්‌ දැනටමත් එම විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කරන බවය. ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ දරුවෝ හත් දෙනෙක්‌ද ඉන්නා බව පැවසූ ඇමැතිවරයා විදේශ සිසුන් 11 දෙනෙක්‌ද සිටින බව කීය.

මේ අතර මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවේදී උපාධිය පිරිනැමීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (07 සැප්.) සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර පසුව එය සතියකින් කල් දමා ඇතැයි වාර්තා විය.

RSL

Related Posts