පොහොර ගැසට් එකත් රිවස් කළ බව කෘෂිකර්ම ලේකම් කියයි

Spread the love
කෘෂි විද්‍යාඥයින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යොමු කළ කෘෂි මාර්ග ගත සැලැස්මට අනුව නිසි ප්‍රමිතියෙන් යුත්, ගුණාත්මක ශාක පෝෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ ය.

ඒ අනුව, මෙරටට අවශ්‍ය සියලු ගුණාත්මක බවින් යුත්, නිර්දේශිත පොහොර ආනයනය කර, කඩිනමින් ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් සකස් කරමින් ඇතැයි ද යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බව ද ජයසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.

“කෘෂි ප්‍රතිපත්තිය නිර්මාණය කරන්න එකතු වෙච්ච ජ්‍යෙස්ඨම මහාචාර්යවරු සහ පරිපාලක නිලධාරීන් 11 දෙනෙක් අපි එකතුවෙලා අපි ඒකේ හැදුවා අවදානම් කලමනාකරන සැලැස්මක්. ක්‍රමානු කූලව, විද්‍යාත්මකව ශාක පෝෂක සහ ශාක ආරක්ෂක නියමිත නිර්දේශ ප්‍රමිතීන්ට සහ ඉතා ඉහළ ගුණාත්මයෙන් යුතු ඒවා අරගෙන මේ ගමන කොහොමද යන්නේ කියන එක අපි ඉතා විස්තරාත්මක වාර්තාවක්, සංකල්ප පත්‍රිකාවක්, කෘෂි සිතියමක් අපි එතුමාට ලබාදුන්නා.

මේ ඇතිවෙලා තියෙන කාලගුණික තත්වයත් අවදානයට ලක් කරලා, දැනට ඇතිවෙලා තියෙන තත්වයන් තුළ අපිට ආහාර සුරක්ෂිත තාවය ගැන විශේෂ අවදානයක් යොමු කරන්න තියෙන හින්දා අපි අර කියන හොඳ පොහොර වර්ග හැකි ඉක්මනින්, විශේෂයෙන් එළවළු වගාවන්ට වී වගාවන්ට සහ හානියට පත්වෙන්න හැකියාවක් තියෙන බඩඉරිඟු වැනි වගාවන්වලට අවශ්‍ය නිර්දේශ ප්‍රමාණ අනිකුත් කාබනික පොහොර සමග ලබා දෙන්න තමයි අපි තීරණය කළේ.

ප්‍රථම අධියරේදී විශේෂයෙන්ම අපි වී සහ තේ, පොල්, රබර්, එළවළු මේවට අවශ්‍ය කරන ශ්‍රී ලංකාවේ දැනට නැති ඒවා හැකි ඉක්මනින් සපයාගෙන එහෙම නැත්නම් දැනට තේ, පොල්, රබර්වලට ලබාදෙමින් තියෙන ඒවා වී වගාවට ලබා දීලා ඒක නැවත රිප්ලේස් කරන්න වගේ වැඩපිළිවෙලක්, ඒ තුළින් ඇත්තටම ප්‍රමිතියෙන් යුත් ඉහළ වගාවට නිර්දේශිත පලිබෝද නාශක, සහ කෘමිනාශක වැනි ඒවා ලබාදීමට තමයි අපි යන්නේ.” යැයිද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කරයි.

Related Posts