පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව මෙවර ඕස්ට්‍රේලියාවේදී

Spread the love

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ලබන 28 දා ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතය.

ලෝකයේ රටවල් 54ක රාජ්‍ය නායකයන් සහභාගිවන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව ලබන 30දා තෙක් පැවැත්වෙන අතර මානව හිමිකම්, යහපාලනය, දේශගුණික විපර්යාස, ආදායම් ව්‍යාප්ති විෂමතාව, ආහාර සුරක්ෂිතතාව, ස්වාභාවික සම්පත් පාලනය, මූල්‍යමය ගැටලු ආදී කරුණු රැසක් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය නායක සමුළුවට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ක්ෂේත්‍රයන් කිහිපයක් ඔස්සේ පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සමුළුව, ව්‍යාපාරික සමුළුව හා තරුණ සමුළුවකින්ද සමන්විත බව විදේශ කටයුතු අමාත්‍යාංශ සන්නිවේදන අංශය වාර්තා කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මේ සමුළුවේදී ලෝකයේ සෑම රටකටම පොදුවේ බලපාන කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

RSL

Related Posts