පාර්ලිමේන්තුව ඇතුළේ වෙන දේවල්වලට රටේ වෙන නීති අදාළ නෑ – බන්දුල

Spread the love

පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිඳු දෙයක් සම්බන්ධයෙන් රටේ අනෙකුත් නීති යටතේ කටයුතු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. 2018 වසරේ පාර්ලිමේන්තුව තුළ විරෝධයක් දක්වන විට එවක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සිදුවන දේවල් සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුවට බවත්, පාර්ලිමේන්තුව තුළ සිදුවන දේවල් සම්බන්ධයෙන් අධිකරණයක් හමුවේ වුවද ප්‍රශ්න කළ නොහැකි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.

අරගලයේ නිරත පිරිස් පොදු දේපළවලට හානි කළ බවට වන චෝදනා මත සිදුවන අත්අඩංගුවට ගැනීම් ගැනද මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටි අතර, අමාත්‍යවරයා සඳහන් කළේ එම පරීක්ෂණ සඳහා දේශපාලන මැදිහත්වීමක් නොමැති බවයි.

Related Posts