පාඩු ලබන ආයතන රජය පවරා ගැනීමට එරෙහි පෙත්සම් 4 නිශ්ප්‍රභා වෙයි

Spread the love

පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමේ පනතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් 4 ක් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) තීරණය කළේය. අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කළේ පෙත්සම් විභාගයට ගැනීමට කිසිදු පදනමක් නොමැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණි අමරතුංගගේ සභාපතීත්වයෙන් යුත් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් එස්.අයි.ඉමාම්, ආර්.කේ.එස්. සුරේෂ්චන්ද්‍ර, සත්‍ය හෙට්ටිගේ සහ ප‍්‍රියසාද් ඩෙප් යන විනිසුරුවරුන් කටයුතු කළේය. නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සහ සෙවනගල සීනි සමාගමේ සේවකයින් සහ උක් ගොවියන් පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබූ අතර වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග‍්‍රාමාත්‍ය දි.මූ. ජයරත්න, ඇතුලූ අමාත්‍ය මණ්ඩලයයි.

Loading...

RSL

Related Posts