නිව්යෝර්ක් ටයිම්ස්හි ප්‍රවීණ මාධ්‍යවේදියකු වු 85 වියැති ටොම් විකර් ඊයේ(26) අභාවප්‍රාප්ත විය.
ඔහු හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන්.එෆ්. කෙනඩි මහතා වෙඩි තබා ඝාතනය කෙරුණු අවස්ථාව වාර්තා කරනු ලැබූ මාධ්‍යවේදියා විය.
1963 වර්ෂයේ නොවැම්බර් මාසයේදී හිටපු අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වෙඩි තබා ඝාතනය කෙරුණේ ඔහු රැගත් රථ පෙළ අමෙරිකාවේ ඩලස් නගරයට ධාවනය වෙමින් තිබියදීය. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා රැගත් මෝටර් රථ පෙළේ, සිටි එකම වාර්තාකරු වුයේද , විකර් මහතාය. ඔහු එය සිදු වූ ආකාරය එසැනින් ඍජුව වාර්තා කළ විලාසය ලොව දැඩිව කතාබහට ලක් විය.
පසුව ටොම් විකර්ට ටයිම්ස් පුවත්පතේ වොෂින්ටන් කාර්යාංශ ප්‍රධානී තනතුර මෙන්ම දීර්ඝ කාලීනව දේශපාලන විචාරකයකු වීමේ අවස්ථාව ද හිමි වුයේ එම සුවිශේෂි වාර්තාකරණය හේතුවෙනි.
ආන්දෝලනාත්මක ලේඛකයෙකු වූ ටොම් විකර් පළකර ඇති ග්‍රන්ථ සංඛ්‍යව 20කි.
ඔහුගේ බිරිඳ පැමෙලා විකර් පැවසුවේ, හෘදයාබාධයක් හේතුවෙන් විකර් මියගොස් ඇති බවයි.