ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ ඉන්දීය සිරකරුවන් 6 දෙනෙකු පාකිස්තාන අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇති බවයි. මෙම මරණ සියල්ල පසුගිය මාස නවය තුළ වාර්තා වී ඇත. ඔවුන්ගෙන් පස් දෙනෙක් ධීවරයෝ වූහ.

ඉන්දීය සිරකරුවන් 6 දෙනෙකු පකිස්තාන අත්අඩංගුවේ දී මිය ගොස් ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි සතිපතා මාධ්‍ය හමුවේදී පැවසීය.මියගොස් ඇති අය අතර ධීවරයින් පස් දෙනෙකු ද වේ. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු මෑත කාලය තුළ ධීවරයින්ගේ මරණ සංඛ්‍යාව වැඩි වී ඇති බව පෙන්වා දුන්නේ ය. මෙම ජීවිතක්ෂයට පත් වූ ඉන්දියානුවන් ඔවුන්ගේ දඩුවම් සම්පූර්ණ කළ නමුත් එම ඉන්දීය සිරකරුවන් පකිස්ථානය විසින් නීති විරෝධී ලෙස රඳවා තබා ගන්නා ලදී යැයි අරින්දම් බග්චි පැවසීය.

මෙය භයානක තත්වයක් ලෙස ඉන්දීය විදේශ අමාත්‍ය ප්‍රකාශක බග්චි විස්තර කළේය. මෙම කාරණය ඉස්ලාමාබාද්හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් දැඩිව අවධාරණයට ලක් කරණ බව ඔහු පැවසීය.ඉන්දීය සිරකරුවන්ගේ ආරක්‍ෂාව පවත්වාගෙන යාමට පකිස්‌තානය බැඳීන බව බග්චි වැඩිදුරටත් පැවසීය.

සිර දඬුවම් අවසන් කර ජාතිකත්වය තහවුරු කර ඇති ඉන්දීය ධීවරයින් 536 දෙනෙකු සහ ඉන්දීය සිවිල් සිරකරුවන් තිදෙනෙකු නිදහස් කර ඉන්දියාවට කඩිනමින් ආපසු භාර දෙන ලෙස මේ වසරේ ජුලි 1 වැනිදා ඉන්දියාව පාකිස්තානයෙන් ඉල්ලා ඇත.

මීට අමතරව, ඉන්දියානුවන් යැයි සැලකෙන ධීවරයින් 105ක් සහ සිවිල් සිරකරුවන් 20ක් පාකිස්තාන අත්අඩංගුවේ පසුවේ. ඔවුනට ද වහාම කොන්සියුලර් ප්‍රවේශය ලබා දෙන ලෙසද ඉන්දියාව විසින් පාකිස්තානයෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්