පරිසර විනාශයක් සිදුවන සෑම තැනකම දේශපාලනඥයෙක් – විදුර වික්‍රමනායක

Spread the love

පරිසර විනාශය කොතැන ද එතන දේශපාලනඥයකුත් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා කියයි.වික‍්‍රමනයක මහතා මේ බව පැවසුවේ  කොරළඉම ඔළබොඩුව මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම, කොඩිගහකන්ද, පරිසර පද්ධතිය ආශ‍්‍රිතව සංවිධානය කළ සම්මන්ත‍්‍රණයකදීය. මේ වන විට අපේ පරිසරය බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දී ඇති බවත්, බොහෝ තැන්වල ආපසු හරවන්න බැරි තරමට ම පරිසරය විනාශ වී ඇති බවටත් ඔහු අනතුරු ඇගවීය.

තවදුරටත් අදහස් දැක්වූ විදුර වික‍්‍රමනායක මහතා මෙසේද පැවසිය.

‘‘සමහර ප‍්‍රදේශවල ගමේ ගොඩේ පරිසර සංවේදී තැන්වලල දර්ශනීය ගල් තලාවලල මැතිවරණ කාලවල දී දේශපාලනඥයන් ගේ නම් ඡන්ද සලකුණු යනාදිය ඈතට පේන්න සටහන් කරනවා. ගස්වල අපි අහවල් දේශපාලනඥයාගේ කියල දේශපාලනඥයන්ගේ ගෝලයෝ බෝඩ් ගහනවා.

කොඩිගහකන්ද වටේට තිබෙන්නේ ගල් කඩන තැන්. මේ ගමේ අය ජීවත් වන්නේ කළු ගල් එක්ක ගමේ අයගේ දරුවන්ටත් අත් කර දෙන්නේ ඒ ඉරණම නම් එතැන සංවර්ධනයක් තිබෙනවා ද? කොපමණ අමාරුකම් තිබුණත් මේ වැඩිහිටි පරපුරත් බාල පරපුරත් ළඟදීම අභය භූමියක් වන කොඩිගහකන්ද රකිනවා. කොහොම වුණත් මම දකින සංවර්ධනය තවම අපේ රටට ඇවිල්ලා නෑ. ඇයි අපි හිතට දැනෙන සංවර්ධනයක් ගැන කථා නො කරන්නේ?

“මෙතැන දී තමයි අපිට බුදු දහම පිටිවහලක් වෙන්නේ දහම් පාසලේ වටිනාකම දැනෙන්නේ. පරිසරය සුරකින සමාජයක් දහම් පාසලෙන් බිහි කළ යුතුයි. එහෙම සමාජයකට සිතට එකඟව පරිසරය විනාශ කරන්න බැහැ. මෙවැනි අවස්ථාවක දී තමයි පරිසර සංවිධානවල අගය වැටහෙන්නේ ආණ්ඩුවක් නිවැරදි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරනවා නම් ජනතාව ගේ සහාය ලබාගන්න අපහසු වෙන්නේ නෑ. මේ රටේ ජනතාව හරි දෙයක් කරන කොට උපරිම සහාය ලබා දෙනවා. හොඳම උදාහරණයක් තමයි වසර 2007, 2008 යන කාලවල දී ත‍්‍රස්තවාදය පරාජය කිරීම.’’

RSL

Related Posts