සිංහරාජ වනාන්තරය හරහා ඉදි කෙරමින් පවතින මාර්ගයෙහි ඉදිකිරීම් කටයුතු වහාම නවතා දමා අදාළ ප‍්‍රදේශය වනජීවි දෙපාර්තමේන්තුවේ භාරයට පත් කරන්නැයි පරිසර ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා ජිනීවාහි සිට නියෝග කර ඇත.
ඇමතිවරයා මේ වන විට ජිනීවාහි පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසියට සහභාගීව සිටියි.
ඉඹුල්කන්ද සිට සූරියකන්ද දක්වා සිංහරාජය හරහා ඉදි කෙරෙන මෙම මාර්ගය නිසා වනාන්තරයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුවන බවට පරිසරවේදීන් අනතුරු අඟවා තිබේ.
සබැඳි පුවත්
2011.09.15
ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරය සම්බන්ධයෙන් යුනෙස්කෝවේ අවධානය යොමුවේ
2011.09.11
ප්‍රෞඩ සිංහරාජය දෙකඩ වන ලකුණු