නොමග ගිය සාමාජිකයන්ට යළි එන්න දොර විවෘතයි – සෝමවංශ අමරසිංහ

Spread the love

එදා රෝහණ විජේවීර සහෝදරයාගේ රැවුල, තොප්පිය, කාර් එකෙන් ගමන්කිරීම ගැන අවලාද අපහාස නැගුවා මෙන්ම අදත් පක්ෂ නායකන්ට විරුද්ධව මඩ ව්‍යාපාරද අවලාද නැගීම්ද දියත්කර තිබෙනවා. මේ කුමන්ත්‍රණ මෙහෙයවූ කිසිවෙකුට පක්ෂයේ කිසිම ඉඩක් නැහැ. නොමග ගිය සාමාජිකයන්ට යළි එන්න දොර විවෘතයි’ යැයි ජනතා විමුක්ති‍ පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ 22 වැනි ඉල්මහ විරු සමරු උත්සවය අමතමින්ය. කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ ඊයේ පැවති (13) සමරු උළෙලට පක්ෂයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහබාගී වී සිටියහ.

එහිදී වැඩිදුරටත් කථාකල සෝමවංශ අමරසිංහ මහතා , දැන් රෝහණ විපේවීර විප්ලවය කරන්නේ නැත. උතුරේ මාක්ස් ලෙනින්වාදයක් එනවා. ඒක වැදගත් කියල 1982 දී දයාන් ජයතිලකලා කී දේම අදත් කියන පිරිසක් මතුවී ඉන්නවා. 1971 දී සහ 88-89 සමයේදී පක්ෂය පාවාදී දෝහී වූවන් සමග එක්වී පක්ෂයෙන් ඉවත්වූ සුළු පිරිසක් කුමන්ත්‍රණ කරන්නේ යැයිද ඒ කිසිවෙකුට ජනතා විමුක්ති පෙරමුණ නතර කළ නොහැකි බව අවධාරණය කලේය. නතා විමුක්ති පෙරමුණට එරෙහිව අද අවලාද නගන්න පෙළගැසී ඉන්න අයගේ නම් ලයිස්තුවක් අරගෙන එදා 88-89 කාලයේදී ඔවුන් කළ කීදෑ මෙනවාදැයි පුවත්පත් වලින් සොයා බලන ලෙසද ඉල්ලීමක් කළේය.

සමරු උත්සවය ඇමතූ ජවිපෙ ප්‍රධානලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ 1971 සහ 88-89 මර්ධන වලින් විනාශ කළ නොහැකි වූ තම පක්ෂය පුංචි කල්ලියකට විනාශ කළ නොහැකි බවයි. ”රෝහණ විජේවීර සහෝදරයා නිර්මාණය කලේ මේ රටේ ජනතාවගේ හදවත් තුළ මේ රටේ සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් ඇදීමට සමත්වූ පක්ෂයක් ඒක විනාශ කිරීමට බාහිර සතුරන් මෙන්ම අභ්‍යන්තර සතුරන් කොපමණ උත්සාහ කළද එය කළ නොහැකිය. සදුන් කද තලන්න තලන්න සුවද පැතිරෙනවා වගේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අවලාද නගන්න නගන්න සුවද තවත් වැඩිවෙනවා. අපේ පක්ෂය තහනම් කරල වෙඩි උණ්ඩයෙන් මර්ධනය කරල විනාශ කරන්න බැරිවූ පක්ෂයක්. එවැනි පක්ෂයක් පත්තරපිටු වලට පච ප්‍රවෘත්ති හදා දීල විනාශ කරන්න බැහැ. මිනිහෙක් විසින් තව මිනිහෙක් සූරා කෑමේ ධනවාදී ක්‍රමය අහෝසිකර සමාජවාදී සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම ස්ථිරයි” යනුවේන අවධාරණය කළේය.

මෙම සමරු උළෙලට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් මෙන්ම උතුරු නැගෙනහිර ඇතුළු සියළුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණ සිටියහ.

RSL

Related Posts