පොදු ජනතාව අතර සාකච්ඡාවට භාජනය නොකර ජාතියේ යහපතට යනුවෙන් පවසමින් ඌන ක්‍රියාකාරී ව්‍යවසාය හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතේ මූලික කෙටුම්පත සකස් කිරීමේදී දැක් වු හදිසිය ඉදිරියේදී සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයක පෙර නිමිත්තක් බවත්, ඒ හේතුවෙන් විදේශීය ආයෝජකයින්ට මෙරට ආයෝජනය කිරීමට පෙර සිය ආයෝජනයන් හිතුමතයට රජයට පවරා ගනී යන බිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනයට පෙර යළි සිතා බලනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍යනායක කරූ ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ මහතා සඳහන් කරනුයේ, සුළු පිරිසක් වුවත් රජයේ කොටස්කරුවන් අතරින් ඇතමෙකු මෙම පනතට ඡන්දය භාවිත කිරීමෙන් වැළකීම හරහා රජය බලයට පත් විමෙන් පසුව ප්‍රථමවරට පාලකයින්ට තදබල පණිවුඩයක් ලැබී ඇති බවයි.
මේ වන විට රටතුළ සිදුවෙමින් පවතින අහිතකර සිද්ධි මාලාවෙන් හුදකලා කර සිතුමතේ පවරා ගැනීමේ නීතිය සම්මත වීම බලා සිටිය නොහැකි බවත් මෙම රජයේ පාලන සමය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් අත්පා සිද දැමීම පැහැරගෙන යාම් තර්ජනය කිරීම් හා බිය ගැන්වීම් සිදු වු බවත් කරූ ජයසූරිය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ. එහි දැක්වෙන්නේ,නිරන්තරයෙන් සිදුවෙමින් පවතින බියකරු වතාවරණය නිසා මාධ්‍යවේදීන් ආරක්ෂාකාරීව කටයුතු කිරිමට පෙළඹෙද්දී අන්තර්ජාලය භාවිත කරන්නන් අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කරන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කරන වෙබ් අඩවි තවත් ජනප්‍රිය වු බවයි.
එහෙත් අද ඇතැම් වෙබ් අඩවිවලට අවහිර කර ඇතත් එම වෙබ් අඩවිවල පෙර කලාසි නැතහොත් ප්‍රොක්සි හරහා ඒ වෙත පිවිසීමට අන්තර්ජාලය භාවිත කරන්නන්ට හැකිවයාව ඇති බව ද කරූ ජයසූරිය මහතා සඳහන් කරයි.
පසුගිය මාසයේ ජාතික පුවත්පතක් වාර්තා කර ඇති පරිදි යුද හමුදා රහස් තොරතුරු අංශය බැටෑලියන් 06 ක් දක්වා වැඩි කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ. මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ, මෙසේ සිදු කෙරෙන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව යටතේ රාජ්‍ය රහස් තොරතුරු අංශය ක්‍රයාත්මකව තිබියදී බව ජයසූරිය මහතා සිහිපත් කරයි.
නිවේදනයේ දැක්වෙන්නේ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම රජයේ මන්ත්‍රීවරුන් ද රහස් තොරතුරු සොයන්නන්ගේ පරීක්ෂාවට භාජනය වි ඇති අතර දේශපාලන ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වෘත්තීය සමිති නියෝජිතයින් නිතීඥයින් හා වෙනත් සිවිල් ක්‍රියාකාරී නායකයින් බොහොමයක් දැඩි විමසිල්ලට භාජනය වි ඇති බවයි.
රජය සහය දෙන කුඩු රජවරු සඳහා එක නීතියකුත් එසේ නොකරන්නන් සඳහා තවත් නීතියකුත් ක්‍රයාත්මක බව ජයසූරිය මහතා පෙන්වා දෙයි.