ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මැතිතුමා වෙත ලිපියක් යවමින් සඳහන් කරන්නේ ඊයේ (07 සැප්.) ඉන්දියාවේ නවදිල්ලි නුවර මහාධිකරණය ඉදිරිපිට ත‍්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡ බෝම්බ ප‍්‍රහාරය තමා සහ ශ්‍රී ලාංකීය ජනතාව තරයේ හෙළා දකින බවයි.
මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් විපතට පත් ඉන්දීය ජනතාව වෙත ජනාධිපතිතුමා සිය ශෝකය ද පළ කර සිටින අතර තුවාල ලැබූවන් සඳහා ඉක්මන් සුවය ද ප‍්‍රාර්ථනා කරයි.
ඊයේ සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් ආසන්න ලෙස 10 දෙනෙකු මියයන්නට සහ 60 කට ආසන්න පිරිසක් තුවාල ලබන්නටත් ඇතැයි වාර්තා වේ.
Loading...