දේශීය කිරිපිටි සමාගම්වල මිලත් ඉහළට

Spread the love

හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දැමීමට අදාළ දේශීය සමාගම් විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රජයට අයත් සමාගමක් වන හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 කින් සහ එහි ග්‍රෑම් 400ක පැකැට්ටුවක් රුපියල් 90කින් ඉහළ ගොස් තිබෙනවා. නව මිල ඉහළ යාම සමග හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170ක් වෙනවා.

පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරනු ලබන පැලවත්ත කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර එහි ග්‍රෑම් 400ක පැකැට්ටුව මිල ඉහළ යාම රුපියල් 80ක්. නව මිල සංශෝධනය අනුව පැලවත්ත කිලෝ ග්‍රෑමයක් රුපියල් රුපියල් 1,165 කට හා ග්‍රෑම් 400ක් රුපියල් 460කට අලෙවි කිරීමට නියමිතයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් ලෙස සහ ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස පසුගියදා මිල සංශෝධනය වුණා.

මේ අතර පාරිභෝගිකයින් පවසන්නේ ඩොලර් ගැටලු හේතුවෙන් ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට සාපේක්ෂව දේශීය කිරිපිටි මිල ඉහළ දැමීම අසාධාරණයක් බවයි.

Related Posts