දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 197 කට දැවී යයි

Spread the love

ඊයේ (18 ඔක්.) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවූ පාකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ අසාර්ථක වුහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස් කරනු ලැබුවේ, ලකුණු 197 ක් පමණි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම දිනය නිමා වන විට කිසිවකු නොදැවී ලකුණු 27 ක් රැස් ක‍ළේය.

ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කරමින් තරංග පරණවිතාන සහ ලහිරු තිරිමාන්න පිටියට පිවිසියහ. පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 48 කට සීමා කරමින් තිරිමාන්න ලකුණු 20 කට දැවී ගිය අතර කුමාර් සංගක්කාර ලකුණු 2 ක් ද තරංග පරණවිතාන ලකුණු 37 ක් ද නායක ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 19 ක් රැස් කළහ.

මහේල ජයවර්ධන 5 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 28 ක් රැස් කර සිටියදීය. ප්‍රසන්න ජයවර්ධන සහ රංගන හේරත්ට ලකුණු රැස් කිරීමට සමත් නොවූහ. ඇන්ජලෝ මැතීව් නොදැවී ලකුණු 52 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී වේග පන්දු යවන ක්‍රීඩක ජුනයිඩ් ඛාන් ලකුණු 38 කට කඩුලු 5ක් දවා ගත්තේය.

වේග පන්දු යවන නුවන් ප්‍රදීප් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ටෙස්ට් වරම් හිමි කරගත්තේය.

RSL

Related Posts