දුමින්ද සිල්වා භාරත මහතාට පයින් ගැහුවා

Spread the love

මුල්ලේරියාව සිද්ධියේදී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට දුමින්ද සිල්වා මහතා විසින් පයින් ගැසූ බව ඇසින් දුටු සාක්‍ෂිකරුවෙකු වන විශ‍්‍රාමික මාර්ක් ෆ‍්‍රෑරැන්ක් විජේසිංහ මහතා ඊයේ (21 ඔක්.) පැවැති මහේස්ත‍්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින් පැවසීය.

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා හමුවේ මෙම මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය සිදු විය.

භාරත මුලින්ම දුමින්ද සමග පැමිණි දෙදෙනෙකු තල්ලු කළ බවත්, පසුව දුමින්ද භාරතට පයින් ගැසූ බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය අවසන් කරනු ලබූ විනිසුරු අල්විස් මහතා ලබන 28 වැනිදාට මෙම නඩුව යළි කැඳවීමටත් එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව ද පවත්වන ලෙස නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ 08 දෙනෙකු සාක්‍ෂි ලබා දුන්හ.

මාර්ක් ෆ‍්‍රෑරූන්ක් විජේසිංහ, මියගිය දමිත් දර්ශනයේ පුතාවන හසිත මිලින්ද ජයසිංහ, මියගිය අයගේ විවාහක බිරිඳ වන සුසිලා සෙනවිරත්න, මියගිය මොහොමඩ් අෂීස්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් අක‍්‍රම්, මියගිය මනුවෙල් කුමාරස්වාමිගේ බිරිය වන මියුරින් පෙරේරා, භාරතගේ පවුලේ ඥාතියකු වන ගයාන් චාමික අමරදේව හා දුමින්ද සිල්වා මහතාගේ දුරකතන කි‍්‍රයාකරු චරිදු අසංක යන අය මෙලෙස සාක්‍ෂි ලබා දුන්හ.

විනිසුරු ප‍්‍රසන්න අල්විස් මහතා භාරතගේ මරණයට හේතුව ගිනි අවියකින් වෙඩි තැබීම නිසා බහුවිවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බව අද නිගමනය කළේය.

RSL

Related Posts