දිනකට පැය 2 1/2ක ‘විදුලිය කප්පාදුවක්‘ ?

Spread the love

ඉදිරියේදී දිනකට පැය දෙකහමාරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි ලංවිම ප්‍රකාශකයෙක්  කීය.

දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.

ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.

මේ අතර දෛනිකව විදුලිය කප්පාදුවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව එහි සභාපතිවරයා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

Related Posts