රූපවාහිනී වැඩසටහන් විකාශයේ දී දුම්වැටි හෝ මද්‍යසාර භාවිත කරන රූපරාමු ප්‍රදර්ශනය කරන සෑම වතාවක දී ම දුම්වැටි හා මද්‍යාසර පිළිබඳ ජාතික අධිකාරිය අනුමත කළ මත් විරෝධී පණිවුඩ විකාශය අද (01 සැප්.) සිට ආරම්භ වේ.
මීට පෙර විද්‍යුත් මාධ්‍යවල එවැනි දර්ශන සඳහා යෙදූ කොටු දැමීමේ ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක නොවන අතර ඒ වෙනුවට මත් විරෝධී පණිවිඩයක් විකාශය වේ.
සමස්ත දරු පරපුරේ ම යහපත සඳහා දුම්වැටි හා මද්‍යසාර භාවිතය දිරි ගන්වන සුළු දර්ශන ඍජු ව හෝ වක‍්‍ර ව ඇතුළත් ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට ඉදිරියේදී නිෂ්පාදනය නොකරන ලෙස ද දුම්වැටි හා මද්‍යාසර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිතුමාගේ මතට තිත සංකල්පය ක‍්‍රියාවට නැංවීමේ මූලික වගකීම ද දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට හිමි ව ඇති බැවින් එය ක‍්‍රියාත්මක කිරීම සමස්ත සමාජය හමුවේ ම ඇති අභියෝගයක් බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.