දකුණු කොරියාවෙන් තවත් රැකියා රැසක්

Spread the love

මෙරට ශ‍්‍රමිකයන් සඳහා දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමේ අරමුණින් හා එරට රැකියාවල නියුතු ශ‍්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීමේ අරමුණින්  විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගියදා දකුණු කොරියානු සංචාරයක  එරට සංචාරයක නිරත වී ඇති අතර එහිදී ලෝකයේ ප‍්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් වන හයිඋන්ඩායි (Hyundai) කර්මාන්තායතනයට ඉදිරියේදී ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් වැඩි වශයෙන් බඳවා ගැනීමට එහි පාලනාධිකාරිය එකඟතාව පළකොට තිබේ.
දකුණු කොරියාවේ බූසාන් නගරයේ පිහිටි හයිඋන්ඩායි නාවික යාත‍්‍රා නිෂ්පාදන ආයතනයේදී අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සේවය කරන 300කට අධික ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් ද හමුවූහ.
මෙරට ශ‍්‍රමිකයන් සඳහා දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමේ අරමුණින් හා එරට රැකියාවල නියුතු ශ‍්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම පිරිස එරට සංචාරයක නිරත වී ඇත.

RSL

Related Posts