මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා (එ.ජා.ප) ඊයේ (06 සැප්.) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ විදුහලක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක දී දස හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ වූවනට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවය.
මෙම සිදුවීම විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා විසින් දන්වන ලද බවත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දෙන්නැයි එතුමා උපදෙස් දුන් බවත් ඇමැතිවරයා පැවසුවේ ය.
සිද්ධිය ගැන පොලිසියෙන් කැරෙන පරීක්ෂණවලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණ දෙකක් සිදුකරගෙන යන බව ද පැවැසූ ඇමැතිවරයා, මෙය ඉතාම අවාසනාවන්ත කණගාටුදායක තත්ත්වයක් බවද ඉදිරියේ දී මෙවන් සිදුවීම් ඇති නොවීමට කටයුතුª කරන බවද කීවේ ය.