හිටපු අමාත්‍ය දිවංගත ගාමීණී දිසානායකගේ 17 වැනි ගුණ සමරු උත්සවය ඊයේ (23 ඔක්.) කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අසළදී පැවැත්විණි.
ශ්‍රීමා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්, මහාසංඝරත්නය හා දේශපාලඥයින්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
එහිදී අදහස් දක්වමින් දිවංගත ගාමිණී දිසානායකගේ පුත් මයන්ත දිසානායක මෙසේ පැවසීය.
“එදා එතුමා රුඳුරු ත්‍රස්තවාදයට හසුවුණේ නැත්නම් අනිවාර්යෙන්ම මේ රටේ ජනාධිපති වෙනවා. එතුමා මේ රටේ ජනාධිපති වුණානම් රටේ දැවැන්ත සංවර්ධන යුගයක් 1994 වෙනකොට එතුමා ආරම්භ කරනවා. එහෙනම් මේ රටේ අද පවතින තත්ත්වය ගැන කල්පනා කරනකොටත් මේ රටේ තියෙන දේශපාලන වාතාවරණය දිහා කල්පනා කරන්කොටත් අද විශේෂයෙන්ම අනේ අපිට ගාමිණි දිසානායක වගේ නායකයන් හිටියානම් කියන එක නැවත වරක් අපේ හිත් තුළ කාවදිනවා”
Loading...