‘ත්‍රස්තවාදයට අනුබල දීම වහා නතර කරන්න‘ – ඉන්දියාව පාකිස්ථානයට අවවාද කරයි

Spread the love

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ පාකිස්ථානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය අවසන් කිරීමට සහ සිය පාලනය යටතේ පවතින සියළු ප්‍රදේශයන්හි ත්‍රස්තවාදී යටිතල පහසුකම් බිඳ දැමීමට විශ්වාසදායක හා ආපසු හැරවිය නොහැකි පියවර ගන්නා ලෙස පකිස්ථානයෙන් ඉල්ලා සිටින ලෙසයි.

ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී නවදිල්ලියට එරෙහිව පදනම් විරහිත චෝදනා කිරීමට පාකිස්ථානය ගත් උත්සාහයට, සිය පිළිතුරු දීමේ අයිතිය ක්‍රියාත්මක කරමින් “ජම්මු සහ කාශ්මීරයට එරෙහිව ඉස්ලාමාබාද් කළ කෑගැසීම එහි බලාපොරොත්තු සුන්වීම හා ව්‍යාකූල මානසික තත්වය පිළිබිඹු කිරීමක්” යැයි ඉන්දියාව පැවසීය.

“පාකිස්තානය විසින් අත්පත් කරගෙන ඇති භූමි ප්‍රදේශ ඇතුළුව මුළු ජම්මු සහ කාශ්මීරයේ භූමි භාගය තවමත් ඉන්දියාවේ අනිවාර්ය අංගයක් වී ඇත,” යනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ පළමු ලේකම් එස් සෙන්තිල් කුමාර් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සාරධර්ම හා සංස්කෘතිය කුමක් වුවත් පාකිස්තානය වැනි රැඩිකලීකරනය වූ සහ අසාර්ථක රාජ්‍යයක් ඉන්දියාව වැනි විශාල හා ශක්තිමත් රාජ්‍යයකට ප්‍රජාතන්ත්‍රවාදය දේශනා කිරීමට එඩිතර වීම හාස්‍ය ජනක ය, ” යනුවෙන් ඉන්දීය නියෝජිත එස් සෙන්තිල් කුමාර් පැවසීය.

පාකිස්ථානයට රාජ්‍ය අනුග්‍රහය දක්වන ත්‍රස්තවාදයට දැඩි ලෙස පහර දෙමින් ඉන්දියාවේ නියෝජිතයා පැවසුවේ, “ලෝකයේ ත්‍රස්තවාදයේ කෙන්ද්‍රය සහ ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රචලිත කරන අපනයනකරු ලෙස පකිස්ථානය සිය ස්ථානය අඛණ්ඩව පවත්වා ගෙන යන” බවයි.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් මතය තවදුරටත් බිඳ හෙළමින් ඉන්දීය නියෝජිත එස් සෙන්තිල් කුමාර් පැවසුවේ “පාකිස්ථානය යනු හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් විසින් පාකිස්ථානයේ රාජ්‍ය යාන්ත්‍රණය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් ත්‍රස්තවාදී සංවිධාන අතර සහයෝගය සහ අන්තර්-මෙහෙයුම් සබඳතා විවෘතව පිළිගත් රටක්” බවයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී මිනීමැරුම් සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම්, රජයේ ආරක්ෂක ආයතන විසින් සිදු කරන ලද, සංස්ථාපිතයට එරෙහිව කථා කිරීමට උත්සාහ කරන අයව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීම වැනි දඬුවම් පමුණුවමින් ක්‍රියාකරන රාජ්‍යයක් බවයි. පාකිස්තානයේ මානව හිමිකම් වාර්තාවට ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක ඇත.

පසුගිය සතියේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කාරක සභාව අමතමින් ඇමීනා මැසෝඩ්(Amina Massod) පාකිස්තාන බලධාරීන් විසින් තමාට සහ තවත් පවුල් කිහිපයකට සිදු වූ ශෝකය හා වේදනාව බෙදා ගත්තා යැයි පකිස්ථානයේ මානව අයිතිය පිළිබඳ සැබෑ තත්ත්‍වය ලෝකයට ඉදිරිපත් කළාය.

ඇය පැවසුවේ වසර 16 ක් ගත වී ඇති අතර 2005 දී පකිස්ථානු හමුදාව විසින් අල්ලා ගත් තම සැමියා ඇය තවමත් සොයන බවයි.

“පාකිස්තානය,මානව හිමිකම් කවුන්සිලයේ කාලය නාස්ති කරනවා වෙනුවට පාකිස්ථානයේ බරපතල මානව හිමිකම් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි” යනුවෙන් ඉන්දීය පළමු ලේකම් එස් සෙන්තිල් කුමාර් පැවසීය.

Related Posts